උතුරේ ගිනිපොලී මාසයකට නවත්වන ලෙස අගමැති ඉල්ලා සිටී | VIDEO

Report
1Shares


එක්ලක්ෂවිසිදහසකට ආසන්න ජනකායක් ගංවතුරින් පීඩාවට පත්ව සිටින උතුරුකරයේ වැසියන්ට දී ඇතිණය මුදල් සඳහා අයකරන පොලිය තාවකාලිකව නතර කරන ලෙස අගමැතිවරයා ඉල්ලීමක් කර තිබේ.

ක්ෂුද්‍රමුල්‍ය ආයතන වෙතින් ගිනි පොලියට ලබා ගත් ණය ගෙවාගත නොහැකිව පීඩාවට පත්ව සිටිනඋතුරේ දිස්ත්‍රික්ක කිහිපයකම ණයකාරියන් සියදිවි හානි කරගත් අවස්ථා ගණනාවක්ම මේ වනවිට වාර්තාවී ඇත.

එවැනි“දිනපතා මුදල් එකතු කරන” පොලිය ලබා ගැනීම මාසයකට අත් හිටුවන ලෙස යෝජනා කර ඇති බවඅගමැතිවරයා පවසා සිටියේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලගංවතුරෙන් විපතට පත්ව සිටින ජනතාවට සහන සැලසීමේ අරමුණින් පැවති ප්‍රාදේශීය මට්ටමේඉහල පෙළේ සාකච්ඡාවකදීය.

“ඒවගේම බැංකු ණය එකතු කිරීමත් අත් හිටුවන්න අපි කියලා තියෙනවා, ඊට පස්සේ සහන දියහැකි ක්‍රම බැංකු එක්ක සාකච්ඡා කරන්න පුළුවන්,” යයි අගමැති රනිල් වික්‍රමසිංහ කියාසිටියේය.

ගංවතුරඋවදුරට ගොදුරු වූවන්ගේ ජන ජීවිතය යථා තත්වයට ගෙන ඒම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදනමේ වසර අවසානයට පෙර මුදා හැහරිය හැකි බවට බව කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවත්වන ලදසාකච්ඡාවේදීඅගමැතිවරයා සහතික විය.

විපතට පත්ව සිටින ජනතාවට කඩිනමින් මුල්‍යහා අනෙකුත් ආධාර ලබාදිය යුතු බව ප්‍රකාශයට පත්වූ එහි දී එක් පවුලක් සඳහා රුපියල් දහදාහක් බැගින් වූ මූල්‍ය ආධාර පවුල් කිහිපයකටසංකේතාත්මකව ලබාදෙන ලද බව ද අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

මේ වසරමැදදී ගංවතුරින් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට ලබා දීම සඳහාවෙන්කරන ලද රුපියල් මිලියන 365 න් “සතයක් වත්” පස්මාසයක් ගතවීත් ගෙවා නැතිවීම “ලෝක වාර්තාවක්” ලෙස හඳුන්වමින් අගමැතිවරයා ඉකුත්ඔක්තෝබරයේ රජයේ නිලධාරීන් දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.

එක්සත් ජාතීන්ගේ ළමා හා අධ්‍යාපනඅරමුදල (UNICEF) ජූනි මාසයේ නිකුත් කළ වාර්තාවකින් පෙන්වා දී තිබුනේ ආපදා කළමනාකරණයසම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇති ඉහළම ආයතනය වන ආපදා කළමනාකරණ ජාතික සභාවනොකැඳවා ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙන්වෙන්ව කටයුතු කිරීම නිසා සහනාධාර පීඩිතයන් අතට පත් නොවූ බවයි.