ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දූෂණ හොයන්න විශේෂ ICC නිලධාරියෙක්

Report
1Shares


ක්‍රිකට් ක්ෂේත්‍රයේදුෂණ වංචා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා ඉහල පෙලේ නිලධාරියකු ශ්‍රී ලංකාවටපත්කර එවීමට ජගත් ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.

එම නිලධාරියාසම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය (ICC) දුෂණ විමර්ශන ඒකකය තමන්ට දැනුම් දුන් බව ක්‍රීඩාඅමාත්‍යවරයා පවසයි.

ඒ බව තහවුරු කරන ICC එම නිලධාරියා කවුදැයි නම් කිරීම යෝග්‍ය නොවන බවප්‍රකාශ කරයි.

ඩුබායි හි ICC මුලස්ථානයට 27බ්‍රහස්පතින්දා පෙරවරුවේ අමාත්‍යවරයා පැමිණි අවස්ථාවේ දුෂණ මර්දන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාර්ෂල් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වල ප්‍රගතිය දැනුම් දුන් බව ICC ප්‍රකාශකයකු ගගන හා කියා සිටියේය.

එම හමුවේදී තමන්වෙත වාර්තාවක්ද භාරදුන් බව පවසන හරීන් ප්‍රනාන්දු අමාත්‍ය වරයා ඉදිරියේදී ICC සභාපතිවරයාහමුවී ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීමේ අපේක්ෂාව සමාජ මාධ්‍ය ජාල ඔස්සේපළකර තිබේ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිළිබඳ විමර්ශනයක්ආරම්භ කරමින් ICC දුෂණ මර්දන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාර්ෂල්මේ මස මුලදී කියා සිටියේ “දූෂණ වංචා සම්බන්ධ බරපතල ගනයේ චෝදනා” නැගී ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට්නිලවරණය පැවැත්වීම වෙනුවට අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීම ගැන ජාත්‍යන්තර ක්‍රිකට්පාලක මණ්ඩලය සමග සාකච්ඡා කරන බව අමාත්‍යවරයා ධුරයේ වැඩ භාරගනිමින් ප්‍රකාශ කරතිබුනත්, ඒ සම්බන්ධයෙනි ICC බලධාරීන් සමගකතා බහ කළ බවක් දැනගන්නට නැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2018 මැයි 31 දා සිට පරිපාලනය වන්නේ ක්‍රිකට් අතුරු කමිටුවක් යටතේය.