වැසි අඩුවෙද්දී උතුරේ ලක්ෂයකට ගංවතුරෙන් පීඩා

Report
1Shares


දිනකිහිපයක් තිස්සේ උතුරුකරයට ඇද වැටුනු මහ වැසි අඩු වන බව කාලගුණ බලධාරීන් විසින් ප්‍රකාශයටපත් කර තිබෙන අතර ආපදා කළමනාකරණ බලධාරීන් ගණන් බලා ඇති පරිදි උතුරේ ලක්ෂයකට වැඩිජනකායක් පීඩාවට පත්ව සිටිති.

බ්‍රහස්පතින්දාසවස් යාමය වන විට රටපුරා දිස්ත්‍රික්ක 10 ක පවුල් 36926ක සාමාජිකයන්115902ක් ගංවතුරින් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ අලුත්මතත්ව වාර්තාවේ සඳහන් වෙයි. ඒ අතරින් 114458ක්ම උතුරු පළාතේය. වැඩිම පිරිසක් වන 70650 ක් පීඩාවට පත්ව සිටින්නේ කිලිනොච්චිදිස්ත්‍රික්කයෙනි.

යාපනයේ සහ කිලිනොච්චියේ එක් පුද්ගලයකුබැගින් මරුමුවට පත්වී තිබේ.

මේ අතර, උතුරේ පශු සම්පතද ගංවතුරින්දැඩි හානියට පත්ව ඇති බව ගගනට වාර්තාවේ.

අපේ වාර්තාකරු පැවසුවේ කිලිනොච්චියේපමණක් කුකුලන් 10000ක්, කිරි එළදෙනුන් 300ක් හා එළුවන් 400 කට අධික සතුන් මෙසේමියගොස් ඇති බවයි.

දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන්වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත්, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකසවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුවනිකුත් කළ නිවේදනයක දැක්වේ.

ආපදාවට ලක්වූපුද්ගලයන්ට කඩිනමින් සේවා සැපයීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීයලේකම් කාර්යාල මගින් අවශ්‍ය සියලු පියවරගෙන ඇතැයි පවසන අභ්‍යන්තර හා ස්වදේශකටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ආපදාවට ගොදුරුවී ඇත්නම් 1902 දුරකතන අංකයටදැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

ආපදා අවස්ථාවලදී ඇතිවන රෝගාබාධ සම්බන්ධයෙන් 24 පැයේම ඇමතීම සඳහා 071 01 07 107 දුරකතන අංකයඅමතන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න දැනුම් දෙයි.