සුමන්දිරන්ගේ අරමුණ අලුත් ව්‍යවස්ථාවක් බව රාජපක්ෂ පිල කියයි | VIDEO

Report
1Shares


හිටපුජනාධිපතිවරයාට විපක්ෂ නායක ධුරය අහිමි කිරීම වෙනුවෙන් වෙහෙසෙන එම් ඒ සුමන්දිරන්මන්ත්‍රීවරයා ගේ අරමුණ අලුත් ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීම බවමහින්ද රාජපක්ෂ පාර්ශවය ප්‍රකාශ කරයි.

ගෝඨාභයරාජපක්ෂගේ නායකත්වයෙන් යුත් වියත්මග සංවිධානය වෙනුවෙන් සුරැකුම් හා විනිමය කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා කොළඹදී මාධ්‍යවේදීන්හමුවේ පෙන්වා දුන් පරිදි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී සුමන්දිරන් නව ව්‍යවස්ථාවවෙනුවෙන් දිගටම පෙනී සිටි පුද්ගලයෙකි.

කතානායක විසින්විපක්ෂ නායක ලෙස පිළිගෙන තිබෙන මහින්ද රාජපක්ෂ ගේ මන්ත්‍රී ධුරය එක්සත් ජනතානිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීම නිසා අභියෝගයට ලක්ව තිබේ.

ඔහුඇතුළු 50 දෙනකුට වැඩි පිරිසක මන්ත්‍රී ධූර අහෝසි කරවීම මගින් නව ව්‍යවස්ථාව සඳහාපාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සහතික කරගැනීම දෙමළ ජාතික සන්ධානයේ සැලසුම බවආචාර්ය ගොඩහේවාගේ විශ්වාසයයි.

“ඒ හරහා මේ රටේ මධ්‍යම රජය දුර්වලකරන්න. පළාත් පාලන ආයතන ශක්තිමත් කරන්න. ෆෙඩරල් පාලනයසඳහා අවශ්‍ය මූලික පියවර තබන්න,” උත්සාහ කරන බව පැවසූ නාලක ගොඩහේවා එහි අවසානඉලක්කය බෙදුම්වාදය බවට චෝදනා කළේය.

පොදුජනපෙරමුණේ සාමාජිකත්වය ලබාගත් මන්ත්‍රීවරුන්ට ආසන අහිමිවුවහොත් ඒ වෙනුවෙන් පත් වීමේ ඉඩප්‍රස්තාව සැලසෙන එජනිස මන්ත්‍රීවරුන් අලුත් ව්‍යවස්ථාවක් සම්මත කිරීමට ඡන්දය දෙනුඇත්තේ කෙසේ දැයි කල්තියා තීරණය කළ ආකාරය ආචාර්ය ගොඩහේවා පැහැදිලි කළේ නැත.

රටට අලුතින් ව්‍යවස්ථාවක් හඳුන්වා දීමේඋත්සාහය පරදවා ලීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂඑක්වී ආණ්ඩුවක් පිහිටුවා ගත් වෑයම පසුබැස්වීමට ඉටුකළ කාර්යභාරය නිසා දෙමළ ජාතිකසන්ධානය රාජපක්ෂ වාදීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී සිටී.

තවමත්කෙටුම්පත් කොට නැති නව ව්‍යවස්ථාවේ ස්වභාවය සම්බන්ධයෙන් රාජපක්ෂ පාර්ශවය ඉදිරිපත්කරන අදහස් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන දෙමළ ජාතික සන්ධානය පවසා ඇත්තේ තමන්“නොබෙදුනු, නොබෙදිය හැකි” ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටින බවයි.

ශ්‍රීලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේප්‍රධානත්වයෙන් පත් කර සිටින මෙහෙයුම් කමිටුවේ රාජපක්ෂ පිලේ මන්ත්‍රීවරු ද වෙති.

වර්තමානජනාධිපතිවරයාද 2015 දී බලයට පත්වූයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරමින් බලය බෙදනනව ව්‍යවස්ථාවක් වෙනුවෙනි.

ආචාර්යගොඩහේවා රාජ්‍ය මුදල් අයුතු ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට රිමාන්ඩ් බන්ධනාගාරයේ කල්ගතකර ඇප ලබා නිදහස්ව සිටින්නෙකි.