අතුරුදහන් 500 ක් ගැන “හමුදාවේ මානව හිමිකම් බාරකරුගෙන් අහන්න”

Report
2Shares

ශ්‍රීලංකාවේ එකවිට, එකතැන බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද වැඩිම ජනකායට අත්වූ ඉරණම හෙළිකරගැනීම සඳහා යුද හමුදාවේ මානව හිමිකම් කටයුතු භාර ප්‍රධාන සෙන්පතියාගෙන් ප්‍රශ්නකරන ලෙස ආණ්ඩුවට ජාත්‍යන්තර බලපෑම් එල්ලවී තිබේ.

යුද්ධාවසානයේ අතුරුදහන් කිරීම් පිළිබඳ නවතමවාර්තාවක් නිකුත් කරමින්එම ඉල්ලීම කර ඇත්තේ මානව හිමිකම් දත්ත විශ්ලේෂක සමූහය (HRDAG) සහ ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) යි.

යුද්ධයෙන්ද, අත් අඩංගුවටගනු ලැබීමෙන් ද බේරී පලා ආ පුද්ගලයන් සහ ශ්‍රී ලංකාවේ ජීවත්වන දෙමළ මානව හිමිකම් ක්‍රියාධාරීන් ඇතුළු ඥාතීන් විසින් සපයන ලදතොරතුරු විශ්ලේෂණය කළ එම සංවිධාන, දස අවුරුද්දකට ආසන්න කාලයකට ඉහත යුද්ධයේ අන්තිමපැය හතලිස් අටේදී අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද වනතුරු ආගිය අතක් නැති දෙමළජනකාය පන්සියයක් පමණ වන බවට ගණනය කර තිබේ.

“මේ 500 රටේ එකම තැනකින් එකම කාලයක්තුල අතුරුදහන් කරවන ලද විශාලතම සංඛ්‍යාවයි,” යනුවෙන් එම සංවිධාන පවසයි.

ඒ අතර දරුවන් 29 දෙනකු ද ඉන්නා බව “2009මැයි 17-19 අතර ශ්‍රී ලංකාවේ කී දෙනෙක් අතුරුදහන් වීද?” නම් වාර්තාව කියා සිටී.

එම ජනකාය අත්අඩංගුවට ගන්නා ලද 58සේනාංකය භාරව සිටියේ වර්තමානයේ යුද හමුදා මානව හිමිකම් කාර්යාලය පාලනය කරන මේජර්ජනරාල් ශවේන්ද්‍ර සිල්වායි.

ඔහු පසුගිය මාර්තුවේදී යුද හමුදාවේ ප්‍රධානපරිපාලක තනතුර වන විධායක ජෙනරාල් ධුරයට උසස් කරන ලදී.

“දශකයකට ආසන්න කාලයක් ගතවී තිබුණත්, ඒ වෙනුවට සිදුවී ඇත්තේ, එක්සත් ජාතීන්ගේ වාර්තා සහ ඇසින්දුටුවන්ගේ ප්‍රකාශ අනුව අප දන්නා පරිදි එකී භාරවීම් සිදුවන අවස්ථාවේ එම ස්ථානයේසිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 සේනාංකයේ අණදෙන නිලධාරියාගෙන් කිසිවෙක් මේ වනතුරුප්‍රශ්න කර නොතිබීමයි,” යනුවෙන් ITJPවිධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකාවාර්තාව නිකුත් කරමින් පවසා තිබේ.

“එම නිලධාරියා වන මේජර් ජනරාල් ශවේන්ද්‍රසිල්වා විධායක ජෙනරාල් ධුරයට උසස් වීමක් ලබා දීම අතුරුදහන් වුවන්ගේ පවුල්වලට කරන ලද අවමානයකි. එහි උත්ප්‍රාසය වන්නේ යුදහමුදාවේ මානව හිමිකම් අධ්‍යක්ෂ මණ්ඩලයද ඔහු යටතට පත්වීමයි. ඥාතීන්ට පිළිතුරුලබාදිය යුතුමය. ඔවුන් සත්‍යය දැනගත යුතු අතර සත්‍යය දැනගැනීමේ අයිතියක් ඔවුන්ටහිමිය.”

ශ්‍රීලංකා යුද හමුදාවේ නිවේදනයක් අනුව යමින් භාරවූ එල්ටීටීඊ කැරලිකරුවන් ඇතුළු දෙමළවැසියන් ට අත්වූ ඉරණම පිළිබඳ විමසීමට එවක 58 සේනාංකාධිපති ශවේන්ද්‍ර සිල්වා උසාවිකැඳවීමට අතුරුදහන්වුවන්ගේ ඥාතීන් කළ ඉල්ලීම, රජය පෑ විරෝධය පිළිගත් අධිකරණය විසින්ප්‍රතික්ෂේප කරන ලදී.

“රණවිරුවන්හිරේ දැමීම”

යුදහමුදා නිලධාරීන් විසින් කරන ලද බවට සැක කෙරෙන අපරාධ සම්බන්ධ විමර්ශන කිරීමට බාධාකළ බවට කිහිප වර චෝදනා නැගී ඇති ජනාධිපතිවරයා ITJP හා HRDAG වාර්තාව නිකුත් වීමෙන් දෙදිනකට පසු ද “රණවිරුවන් හිරේ දැමීමට” විරෝධය දක්වා තිබුනි.

නීතිවිරෝධී ලෙස බලයෙන් පහකරන ලද රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ අග්‍රාමාත්‍ය ධුරයේදිව්රුම් දුන් අවස්ථාවට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් සමූහයක්හමුවේ දැඩි ස්වරයෙන් කතාකළ ජනාධිපති වරයා, චූදිත යුද හමුදා නිලධාරීන් ගලවා ගැනීමේතම අපේක්ෂාව එහිදී ප්‍රකාශයට පත් කර සිටියේය.

මානව හිමිකම් කැඩුවා, ජාත්‍යන්තර යුද නීති කැඩුවා කියලා අපිට තමයි චෝදනා කරන්නේ,” යි ජනාධිපතිසිරිසේන එහිදී පවසා තිබුනි.

“එතකොට අද ජීවතුන් අතර ලෝකයේ රටවල්වල සැගවිලා ඉන්න මිනිස්සු, ලංකාණ්ඩුවට සැගවිලා ඉන්න අය මේ රටටගෙනල්ලා දඩුවම් දීමේ වැඩපිළිවෙළක් කොහෙද තියෙන්නේ, ජාත්‍යන්තරයෙන් එහෙම දෙයක් කතා කරන්නෙත් නැහැ, අපේ රට ඇතුළෙන් කතා කරන්නෙත් නැහැ,” යි කියාසිටි ඔහු “එහෙම නම් ඔක්කොටම නඩු දාන්න ඕන, එහෙමත් නැත්නම් ජාත්‍යන්තරයත් එක්ක කතාකරලා අපේ හමුදාව නිදහස් කරගන්න ඕන,” යි කියා සිටියේය.

ශ්‍රී ලංකා යුද හමුදා අත් අඩංගුවේ අතුරුදහන් වුවන් සියගණනක නම් සහිතව ITJP විසින් යාපනයේදී ඉකුත් මැයි මාසයේ වෙබ් අඩවියක් එලි දක්වන අවස්ථාවටඑක්වූ ඥාතීන් කිහිපදෙනකුම ප්‍රකාශ කර සිටියේ තම සමීපතමයන් භාර දුන්නේ ශවේන්ද්‍රසිල්වා අණදුන් 58 සේනාංකයට බවයි.

ඉන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ සහ විදේශගත ආයතනවලින් මෙන්මපුද්ගලයන්ගෙන් ද ඉල්ලා තිබුනේ අවශ්‍ය පියවර ගැනීම සඳහා අදාළ රජයේ ආරක්ෂක අංශසාමාජිකයන්ද ඇතුළු පුද්ගලයන් සම්බන්ධ විස්තර අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳකාර්යාලයට (OMP) සපයනලෙසයි.

යුද හමුදාවට භාර දීමෙන් පසු ආගිය අතක්නැති දෙමළ පිරිස අතුරුදහන් කරවා ඇති බව OMP ප්‍රධානී සාලිය පීරිස් පිළිගෙන තිබේ.