ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාව රැකීම ගැන ශ්‍රී ලංකාවට ජගත් සුබපැතුම්

Report
1Shares


ජනාධිපතිවරයා විසින් නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුව කල් දැමීම සමගින් ආරම්භ වූ ශ්‍රීලංකාවේ දේශපාලන අර්බුදයට පනස් දිනක් ගතවෙද්දී රනිල් වික්‍රමසිංහ නැවත අගමැති ධුරයටපත් වීම ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමක් ලෙස ජාත්‍යන්තර බලවතුන්ගේප්‍රසාදය දිනාගෙන තිබේ.

පාර්ලිමේන්තුවේබහුතරයක් විසින් විශ්වාසය පලකරන ලද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරය මෛත්‍රිපාලසිරිසේන ගේ දැඩි විරෝධය තිබියදීත් ඉරිදා පෙරවරුවේ අගමැති වශයෙන් දිවුරුම් දුන්නේය.

සතිඅන්තයේ සිදුවූ දේශපාලන වර්ධනය ඇමරිකා එක්සත් ජනපදය විසින් හඳුන්වාඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී සහ ව්‍යවස්ථානුකුල සම්මතයන්ආරක්ෂා කිරීමක් ලෙසිනි.

කලාපයේ භූ දේශපාලනික ක්‍රියාකාරිත්වයටඑක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව සමග දිගටම කටයුතු කිරීමේ අභිලාෂය එක්සත් ජනපදය විසින්පළකර තිබේ.

“ඉන්දු ශාන්තිකර කලාපයේ අගනාහවුල්කරුවකු වන ශ්‍රී ලංකාවේ රජය සහ එරට ජනතාව සමග තවදුරටත් සබඳතා වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බව,” එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් නිකුත් කළට්විටර් පණිවිඩයක සඳහන් වේ.

දේශපාලනඅර්බුදය හමුවේ නොසැලී සිටීම සම්බන්ධයෙන් අධිකරණය සහ පාර්ලිමේන්තුව ඉන්දියාවේ,යුරෝපා සංගමයේ හා ඔස්ට්‍රේලියාවේ විශේෂ ගෞරවය හිමිවී තිබේ.

රනිල්වික්‍රමසිංහ අගමැති ධුරයේ නැවත පිහිවන්නට සිදුවූයේ මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවවිසින් දෙවතාවක්ම විශ්වාස භංගයකින් පරදවාජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය ව්‍යවස්ථා විරෝධී සහ නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණයතීන්දු කිරීමෙන් අනතුරුවය.

අගමැතිධුරයේ රනිල් වික්‍රමසිංහ පිහිටුවීමට ජනාධිපතිවරයාට සිදුවීම ඉන්දියාව විසින්හඳුන්වා තිබුනේ “සකල දේශපාලන බලවේගවල පරිණත භාවය ප්‍රදර්ශනය කිරීමක්” ලෙසිනි.

“එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේසහ එය සුරක්ෂිත කිරීම වෙනුවෙන් වූ ආයතන වල නොසැලෙන සුළු බව පෙන්නුම් කරන්නක්,"ලෙසද ඉන්දීය විදේශ අමාත්‍යාංශ නිවේදනයකින් අගය කර තිබුනි.

උද්ගත වූ දේශපාලන අර්බුදය ව්‍යවස්ථාවට අනුකුලව සාමකාමීසහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විසඳා ගැනීම ශ්‍රී ලංකාවේ ස්ථිරසාර මිතුරන් වශයෙන් අපිඅගයකරමු,” යි යුරෝපාසංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

“නොසැලී සිටීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රිකආයතන වෙත අපේ ප්‍රශංසාව හිමිවන අතර ජාතික සංහිඳියාව සහ සැමට සෞභාග්‍යය උදාකර දීමේසඳහා දරනු ලබන ප්‍රයත්නයන් සඳහා තවදුරටත් සහායලබා දෙන්නෙමු.”

පැවති දේශපාලනික අස්ථාවරභාවය ව්‍යවස්ථානුකූලව විසඳා ගැනීම පිළිබඳව සතුට පල කරන ශ්‍රී ලංකාවේඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයද රටේ ප්‍රජාතාන්ත්‍රික ආයතන නොසැලී සිටීමගැන ප්‍රසාදය පල කර තිබේ.

රනිල් වික්‍රමසිංහ අගමැති කමට පත් කළේකැමැත්තකින් නොවන බව ජනාධිපතිවරයා දැඩි ලෙස ප්‍රකාශ කරයි.

“මගේ පෞද්ගලික දේශපාලන මතය වුණේ 225 මඅත්සන් කලත් රනිල් වික්‍රමසිංහ මහත්තයට අගමැතිකම දෙන්නේ නැහැ කියන එක, ඒක එහෙම්ම තමා අදත්,” යැයි ජනාධිපති මෛත්‍රිපාලසිරිසේන අගමැති දිවුරුම් දීමෙන් පසුව පැවති සභාව හමුවේත් කියා සිටියේය.