තහනම් අගමැති පදවියෙන් මහින්ද රාජපක්ෂ “ඉල්ලා අස්වෙයි"

Report
1Shares

කුරුණෑගලදිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අගමැති ලෙස කටයුතු කිරීම වලක්වා ලමින් පනවාතිබු තහනම දිවයිනේ ඉහලම අධිකරණය විසින් විසින් තව දුරටත් දීර්ඝ කිරීමත් සමගම එමපදවි නාමයතව දුරටත් පාවිච්චි නොකිරීමට මහින්ද රාජපක්ෂ තීරණය කර තිබේ.

ඔහුගේ පුත්‍ර නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ “ජාතියේස්ථාවරභාවය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙට අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වන්නට තීරණය කළ බවයි.

“හිටපුජනාධිපතිවරයා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකානිදහස් පක්ෂය හා අනෙකුත් පාර්ශ්ව සමග එක්වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමගපුළුල් දේශපාලන පෙරමුණක් පිහිටුවීමට දැන් කටයුතු කරනු ඇත,” යනුවෙන් නාමල්රාජපක්ෂ ට්විටර් මගින් නිවේදනය කර ඇත.

ඔහුට ප්‍රතිචාරදක්වන එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසා ඇත්තේ එමධුරයට මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාට හිමිකමක් නැති බවයි.

මහින්ද රාජපක්ෂ ගේ “ඉල්ලා අස්වීමේ”අපේක්ෂාව ප්‍රකාශයට පත් වූයේ ඔහු අග්‍රාමාත්‍ය පදවියේ රාජකාරි කිරීම වළකමින්අභියාචනාධිකරණය විසින් පනවන ලද අතුරු තහනම අවලංගු කරන මෙන් ඉල්ලා, සමග ජනාධිපතිවරයා විසින් අමාත්‍ය ධූර වලටපත්කරන ලද මන්ත්‍රීවරුන් 49 දෙනකු ඉදිරිපත් කළ අභියාචනය විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයතීන්දු කිරීමෙන් අනතුරුවයි.

ඊවා වනසුන්දර සහ බුවනෙක අලුවිහාරේ යනවිනිසුරු දෙපල විසින් ගන්නා ලද එම තීන්දුවට විජිත් මලල්ගොඩ විනිසුරුවරයා එකඟ වීනැත.

රනිල් වික්‍රමසිංහ ධුරයෙන් පහ කරමින්ජනාධිපතිවරයා විසින් අගමැතිකමට පත් කරන ලදමහින්ද රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන් 49 දෙනකු අමාත්‍ය මණ්ඩලය ලෙස නිලතල දැරීමේ බලයවිමසමින් මන්ත්‍රීවරුන් 122 ක් විසින් පවරන ලද ක්වෝ වොරන්ටෝ පෙත්සම විමසු අභියාචනාධිකරණයවිසින් අතුරු තහනම් නියෝගය පනවන ලද්දේ දෙසැම්බර් තුන් වැනිදාය.

ඊට එරෙහි අභියාචනය විභාග කිරීමේතීන්දුව අධිකරණය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

අග්‍රාමාත්‍ය ධුරයේ සිටිමින් ජනපතිමනාපයෙන් පත්කළ කැබිනට් මණ්ඩලය සමග ආණ්ඩු කිරීමේ අරමුණින් මහින්ද රාජපක්ෂ ඉදිරිපත්කළ අභියාචනය ලබන වසරේ ජනවාරි 16, 17 සහ 18 තෙදින විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

නඩු විභාගය විනිසුරු පස්කට්ටුවක් හමුවේවිභාග කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණවිනිසුරු මඬුල්ල විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

එම ඉල්ලීම අගවිනිසුරුවරයා වෙත යොමු කරනලෙස විනිසුරු මඬුල්ල දැනුම් දී තිබේ.