හාම්පුතුන් හා වතු සමිති නොතකා 1000 දෙන ලෙස අගමැතිගෙන් ඉල්ලයි | VIDEO

Report
3Shares


දිනකඅවම වැටුප රුපියල් දහසක් කරන ලෙස වතු කම්කරුවන් මාස ගණනක් තිස්සේ නගන ඉල්ලීම ඉටුකිරීම සඳහා හාම්පුතුන් හා වෘත්තීය සමිති නායකයන් නොතකා හැර පියවර ගන්නා මෙන්අගමැතිවරයාට බලකෙරෙන සංදේශයක් භාරදී තිබේ.

වතුහිමියන් මෙන්ම වෘත්තීය සමිති නායකත්වයද කම්කරු අරගලය පාවා දීමට කටයුතු කරමින්සිටින බව අග්‍රාමාත්‍ය වරයාගේ මහජන සම්බන්ධතා අංශයට භාරදෙන ලද සංදේශයෙන් චෝදනාකෙරේ.

මේතාක්වතුකරයේ සැම වැටුප් වැඩි වීමක්ම සිදුකර ඇත්තේ වතු සමාගම් වල කැමැත්තෙන් නොව ආණ්ඩුවේමැදිහත්වීමෙන් බව කඳුරට ජන පර්යේෂණ ආයතනය එම සංදේශයෙන් පෙන්වා දෙයි.

“ආණ්ඩුපාර්ශවයේ සහ විපක්ෂයේ ඉන්න සියලු දෙනාම වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් 1000ක් කළයුතුයි කියන තැනක ඉන්න නිසා කොම්පනිකරුවන්ගේ කුහක ගිවිසුම්වලට යටත් නොවී, ඒවගේමවෘත්තීය සමිති තමන්ගේ සාමාජිකයන් පාවා නොදී කම්කරුවන්ගේ පැත්තේ ඉඳලා තීරණ ගන්නාලෙස,” රජයෙන් ඉල්ලා සිටි බව ආයතනයේ කැඳවුම්කාර මාරිමුත්තු සතිවේල් පියතුමා මාධ්‍යවේදීන්ටප්‍රකාශ කළේය.

තමඉල්ලීම සම්බන්ධයෙන් “අදම” කම්කරු දෙපාර්තමේන්තුවට සහ කොමසාරිස්ට දැනුම් දෙන බව සංදේශයභාරගත් අගමැති මහජන සම්බන්ධතා නිලධාරියා ප්‍රකාශ කළේ යැයි සතිවේල් පියතුමෝ වැඩිදුරටත් කියා සිටියහ.