හමුදා ට්‍රක් රථය ත්‍රිරෝද රථයේ තුනකට මරු කැඳවයි

Report
2Shares

ත්‍රිරෝද රථයක ගමන් ගත් උතුරේ තරුණයන් තිදෙනකුට මරු කැඳවමින් හැප්පුනු යුද හමුදා ට්‍රක් රථයක රියදුරු සෙබලා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

කිලිනොච්චියේ පලෙයි හිදී සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ පෙරුමාල් සිවකුමාර්, ගුණරත්නම් කුගදාස් සහ සිවපාදම් රතීස්වරන් යන වයස 26 හා 36 අතර තිදෙනෙකි.

ඔවුන් ගමන් කළ ත්‍රිරෝද රථයේ යාපනය - නුවර මහා මාර්ගයේ දී ගැටුනු ට්‍රක් රථය පදවාගෙන ගොස් ඇත්තේ වෙත්තිලකේනියේ කට්ටෙයිකාඩු ප්‍රදේශයේ 55 වැනි සේනාංකයේ කෝප්‍රල් සුරංග ගයාන් සම්පත්ය.

පරීක්ෂණ පවත්වන පලෙයි පොලිසිය විසින් යුද සෙබලා 9 බදාදා කිලිනොච්චි මහේස්ත්‍රාත් හමුවට පමුණුවනු ඇති බව පොලිස් මාධ්‍ය ඒකකයේ ප්‍රකාශකයකු ගගන හා කියා සිටියේය.