අතුරුදහන් වුවන් සොයන සටනේ 19 වැනි මාතාවත් මියයයි | VIDEO

Report
3Shares

අතුරුදහන්වුවන්ගේඉරණම හෙළිකරන ලෙස රජයට බලකරමින් උතුරු නැගෙනහිර විරෝධතාවල යෙදී සිටින්නන් අතරින් දහනම වැනි මාතාවත් විසඳුම් නොලබාමමරුමුවට පත්ව තිබේ.

වසරකටආසන්න කාලයක් විරෝධතාවයේ යෙදී සිටියදී මියගිය හැටහත් හැවිරිදි ශන්මුගරාසාවිජයලක්ෂ්මිගේ අවසාන කටයුතු දේවිපුරම් පොදු සුසාන භූමියේදී ජනවාරි 9 බදාදා සිදුකරනලද බව ගගන මුලතිව් වාර්තාකරු පවසයි.

ඇගේවැඩිමහල් පුත් ශන්මුගරාසා අර්ජින් 2009 අප්‍රේල්මාසයේ එල්ටීටීඊ බල ප්‍රදේශයේ සිට රජයේ හමුදා පාලන ප්‍රදේශයට පැමිණෙද්දී වලෙයිඥර්මඩම්හිදී අතුරුදහන් වී ඇත.

මේ අතර, වසරක් තිස්සේරාජකාරි කළ අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය (OMP) කෙටි චිත්‍රපට මාලාවක් අන්තර්ජාලයටමුදාහැර තිබේ.

“වේදනාවඅතුරුදහන් නොවේ, ඔවුන් උදෙසා සත්‍යය සෙවීමේ වගකීම අපි ඉටු කරමු,” යි සිය චිත්‍රපටමාලාව නම් කරන OMP කාර්යාලය වැඩිවිස්තර සඳහා 0112667116 හෝ omplegal1@gmail.com හෝ අමතන ලෙස ඉල්ලා සිටී.