මරණ දඬුවම දීම ජනපති හමුදාවට පවරයි

Report
11Shares


මත්ද්‍රව්‍යජාවාරම් කරුවන් පමණක් නොව පාවිච්චි කරන්නන් පවා මරා දැමීමේ වගකීම ජනාධිපතිවරයාවිසින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වලට පවරා දී තිබේ.

දේශීය හා ජාත්‍යන්තර විරෝධය නොතකා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ සිය අභිලාශය දිගටම පෙන්නුම් කර ඇති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මෙම බියජනක හෙළිදරව්ව කරන ලද්දේ “මතින් නිදහස් රටක්” මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ති‍්‍රක් සමුළුව අමතමිනි.

මෑතදීතමන් පිලිපීන සංචාරයෙන් උගත් පරිදි විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය පවා “ඉවර කරදමන” බව කී ජනාධිපතිවරයා “මමත් මරණ දඬුවම ළඟදීමදෙනවා” යි පාසල් දරු දැරියන් ද හමුවේ ප්‍රකාශයට පත් කළේපොලිස්පති සහ හමුදා නිලධාරීන්ද ඇතුළු වැඩිහිටියන්ගේ අත්පොලසන් නාදය මධ්‍යයේය.

මත්ද්‍රව්‍ය චෝදනා නගා පිලිපීන පොලිසියවිසින් නඩු නැතිව 2016 සිට නිල වශයෙන් මරාදමා ඇති පිරිස පන්දහස ඉක්මවයි. එහෙත්මානව හිමිකම් සංවිධාන සැක කරන පරිදි ඝාතනය කොට ඇති සැබෑ සංඛ්‍යාව 20,000 තරම් ඉහල සංඛ්‍යාවක් විය හැක.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා පිලිපීනජනාධිපතිවරයාගේ මරණ දඬුවම් මාර්ගයේ යාමට අපේක්ෂා කරන්නේ නම් ඕලන්දයේ හේග් නුවර ජාත්‍යන්තරඅපරාධ අධිකරණය (ICC) හමුවට යාමටත් සූදානම්ව සිටිය යුතු බවටමුල් පෙලේ මානව හිමිකම් සංවිධානයක් වන අයි ඩිෆෙන්ඩ් (iDefend) අනතුරු අඟවා තිබුනි.

එමඅනතුරු ඇඟවීම නොතකන බවක් පෙන්වූ ජනාධිපතිවරයා තමන් විවේචනය කරන රාජ්‍ය නොවනසංවිධාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට සම්බන්ධ බවට චෝදනා නගමින් මරණ දණ්ඩනය ක්‍රියාත්මකකිරීම ආරක්ෂක අංශ වලට දැනටමත් “පවරලා දීලා ඉවර” බව කියා සිටියේය.

මෙහි තිබෙන බැරෑරුම් තත්වය, මේ තිබෙන මහා ජාතිකව්‍යසනය, මේ මහා ජාතික ඛේදවාචකය මර්දනය කරන්න අවසන් කරන්න එල්ටීටීඊ ත්‍රස්තවාදීන්විනාශ කළේ කොහොමද මේ රටේ යුද, නාවික, ගුවන්, ත‍්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය? එසේම මම ඒ අයට පවරනවා මේ වගකීම, පවරලා දීලාඉවරයි, එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විනාශ කළ සේමමත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විනාශ කළ යුතුයි කියන කාරණාව.”

එල්ටීටීඊයසමග යුද වැදීමේදී ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ දියත් කළ ප්‍රහාරවලින් සාමාන්‍යවැසියන් අඩුම වශයෙන් හැත්තෑ දහසක් මරුමුවටපත්වූ බව එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර වාර්තාවකින් හෙළි වී තිබේ.

එමචෝදනා ප්‍රතික්ෂේප කරන රජය ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර දායකත්වයෙන් යුත් විමර්ශනයක්කිරීමට ජගත් මානව හිමිකම් කොමිසම හමුවේ ඇතිකරගත් එකඟතාව මේතාක් ක්‍රියාත්මක කරනැත.

මරණ දඬුවම අත්හිටුවීමට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් සාතිශය බහුතරයක් එළැඹි සම්මුතියට ශ්‍රී ලංකාවද හවුල් වී සිටී.