ව්‍යවස්ථා විරෝධය “රටපුරා ඇවිලෙන ගින්නක්” වීමේ අවදානමක් | VIDEO

Report
3Shares

අලුත් ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම සඳහා දරනු ලබන ප්‍රයත්නයට එරෙහි බලවේග නිසා රටේ කැරලිකාරී තත්වයක් ඇතිවිය හැකි බවට වාමාංශික නායකයෙක් අනතුරු අඟවයි.

විරෝධය මතුවී ඇත්තේ ඒකාධිපතිවාදය නැති කිරීම, බලය වඩාත් හොඳින් බෙදීම සහ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට එරෙහිව බව නවසමසමාජ පක්ෂ නායකයා අවධාරණය කරයි.

එම විරෝධය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට කටයුතු නොකර “ජාතිවාදී තලයේ ඇවිස්සිල්ලක්” කිරීමට එරෙහිව ජාතික වශයෙන් මෙන්ම ප්‍රාදේශීය වශයෙන් ද ප්‍රගතිශීලී බලවේග ගොඩනැගී ඇති බව පවසන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න දෙපාර්ශවය අතර “රටපුරා ඇවිලෙන ගින්නක්” හටගැනීමේ අවදානමක් මතුවී ඇති බව පෙන්වා දෙයි.

“ජාතික සමගිය පදනම් කරගෙන සංවර්ධනය සිදු කිරීම” එම ජනතා බලවේගයේ අභිලාෂය බව ඔහු කියා සිටියේය.

එම බලවේග මර්දනය කිරීම සඳහා රාජ්‍ය බලය යොදමින් සිටින බවට ආචාර්ය වික්‍රමබාහු මාධ්‍යවේදීන් හමුවේ චෝදනා කළේය.

පසුගියදා ත්‍රිකුණාමලයේ පැවති උද්ඝෝෂණයකදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධය පෑ සංවිධායකයන් අවි අතට ගන්නා බවට අනතුරු අඟවා තිබුනි.